Skip to main content

Mirror Lanka

නිරූපණයට වගේම රංගනයටත් මම ගොඩක් කැමතියි.. ලලින්ද්‍ර හලංගොඩ

නිරූපණයට වගේම රංගනයටත් මම ගොඩක් කැමතියි.. ලලින්ද්‍ර හලංගොඩ

නිරූපණ ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ අනන්‍යතාවක් ගොඩනඟාගත් ලලින්ද්‍ර හලංගොඩ, මෙවර මිරර් වෙඩ් අඩවියෙන් අප මෙසේ ඉඩක් වෙන් කළා. අද වන විට සිය නිරූපණ කටයුතු මෙන්ම ව්‍යාපාරික දිවියද එක ලෙස සාර්ථක කරගත් අපූරු චරිතය ක් වන ලලින්ද්‍ර නිරූපණ ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ මීට වසර දහකටත් පෙරදීය.  මේ දිග හැරෙන්නේ අප ඔහු සමග කළ කතා බහයි.

නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීම සිදුවුණේ කොහොමද?

මගේ ගමන පටන් ගත්තේ 2015 වසරේදී. මට නිරූපණය ගැන මුල්ම දැනුම ලබා දුන්නේ නික් ජයමහ මහතායි. ඔහු නුවර පවත්වන ලද නිරූපණ ඇකඩමියේ මුල්ම ගෝලයා වෙන්න ලැබීමත් මම ලැබූ භාග්‍යයක් ලෙස සලකනවා. පසුව එතුමාගේම අනුදැනුම මත කොළඹ සුදර්ශියට ගිහින් නිරූපණය සම්බන්ධ වැඩිදුර අධ්‍යයනය කළා. ඒ හරහා රැම්ප් මොඩ්ලින් ප්‍රසංග ගණනාවකටම සහභාගී වීමට මට අවස්ථාව ලැබුණා.

නිරූපණයට අමතරව රංගනයටත් ඔබගේ කැමැත්තක් තියෙනවා නේද?

ඇත්තෙන්ම ඔව්. මම නිරූපණයට වගේම රංගනයටත් ඉතා කැමති කෙනෙක්. ඇත්තටම මම නිරූපණ කටයුතුවලට සම්බන්ධ වුණෙත් රංගනයට තිබුණු ඒ දැඩි කැමැත්ත නිසාමයි. අදටත් මට රංගනය පැත්තට යොමු වෙන්න හීන දකිනවා. මම හිතනවා නුදරේම මට ඒ් අවස්ථාව හිමිවෙයි කියලා.

ඔබ කලායක් නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා හිටියා?

ඔව්, මගේ පියාගේ අභාවය සිදු වුණා. මගේ පවුල වගේම මගේ තාත්තා සතුව තිබුණ ව්‍යාපාර බලාගන්න මට සිද්ධ වුණා.  ඒ් හින්දා මම නිරූපණ ක්ෂේත්‍රයට තාවකාලිකව සමුදුන්නා. නමුත් මේ වනවිට මම නැවතත් නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටිනවා. දැන් මම ඒය වෘත්තියක් විදිහට කරන්නයි සැළසුම් කරගෙන ඉන්නේ. මෑතකදී නිරූපණයට සම්බන්ධ වැඩ ගොඩකට මම සම්බන්ධ වුණා.

නිරූපණයට අමතරව ඔබේ ව්‍යාපාරික කටයුතු ගැනත් සඳහන් කළොත්?

නිරූපණයට අමතරව මම වැවිලිකරුවෙකු මෙන්ම දේපොළ වෙළඳාම්වලත් නිරත වෙනවා මගේ මිතුරෙකු සමග. ඔහුගේ නම කසුන් විතානගේ. ඒ හරහා මගේ ආර්ථික මට්ටම සවිමත් කරගන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒ් වගේම මෑතකදී මම තෙල්දෙණියේ පර්ල් පැනෝරාමා රෙසෝට් (Peral Panorama Resort)  කියලා අවන්හලක් පවත්වා ගෙන යනවා මගේ මිතුරා කසුන් ඒක්ක. අපි දෙන්නාම ීමෙහි කොටස්කාරයෝ. මගේ පියාත් දක්ෂ ව්‍යාපාරිකයෙක්. මම හිතන්නේ ඔහුගේ ව්‍යාපාර අභාෂය මටත් අද වෙන කොට ලැබිලා තියෙනවා කියලා.

ලිලන්ත දිගටම කලාවත් ඒකක් රැදෙන්නද අදහස?

ඔව්, ලංකාවේ දක්ෂ නිරූපණ ශිල්පියෙක් වෙන්න තමයි දැන් මගේ ලොකුම ඉලක්කය. ඊට පස්සේ මගේ ව්‍යාපාරික කටයුතු වැඩි දියුණු කරගන්නත් අදහස් කරමින් ඉන්නවා. මොකද, මම කාලයක් ආර්ටික් මට්ටමින් දුර්වල වෙලා හිටිය කෙනෙක්. නමුත්, අද වෙන කොට ආයේ මට මගේ දෙපයින් නැගිසිටින්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ් මගේ ව්‍යාපාරික කටයුතු අද කෙමෙන් කෙමෙන් දියුණු වෙමින් පවතින නිසා. ඉතින් මේ හැම දෙයක්ම කාලය කලමණකරණය කරගෙන මගේ ජීවිතේ සාර්ථක කරගන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *