නිලක්ෂි කලායතනයට අලුත් සිසුදරුවෝ සම්බන්ධ කරගන්නවා
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිදාරිණියක් වන නිලක්ෂි නිමේෂිකා මෙහෙයවන නිලක්ෂි කලායතනයට මේ වන විට නවක සිසු සිසුවියන් බඳවා ගැනීම සිදු කරමින් පවති. කුලසිරි බුදවත්තයන්ගේ ගෝල පරාම්පරාවේ සේම චන්දන වික්‍රමසිංහයන්ගේ ශිෂ්‍යාවක්ද වන නිලක්ෂි 2008 වසරේ පැවති ඉන්දීය – ශ්‍රී ලංකා නර්තන තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් ද්ව්ත්වයක්ද හිමි කර දෙන්නට සමත් වූ නිලක්ෂි ස්වර්ණ අභිමන් දේශතිලක කලා විභුෂණ ගෞරව සම්මානයෙන්ද පිදුම් ලබා ඇති අතර, ඇය විසින් මෙම නිලක්ෂි කලායතනය ආරම්භ කර දැන් වසර කිහිපයක්ද වෙයි.
පෙර පාසලේ සිට පස්වැනි ශ්‍රේණිය සිසුන් දක්වා නර්තනයට උචිත ව්‍යායාම, මුලික සරඹ නිර්මාණය, මුලික හැඩතල නිර්මාණය මෙන්ම මුලික ගායන අභ්‍යාසද මෙම නිලක්ෂි කලායතනය මඟින් සිසුන්ට දැනුම ලබා දෙයි. එමෙන්ම හයවැනි ශ්‍රේණියේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන සිසු සිසුවියන්ට නර්තනය, වාදනය මෙන්ම ගායනයද උගන්වනු ලබයි.
එමෙන්ම චරිත නිරූපණ, නව නිර්මාණ සහ නිර්මාණාත්මක නර්තනය, උඩරට, පහතරට, සබරගමු නර්තන අංග, ගොක් කොළ නිර්මාණ, වෙස් මුහුණු කලාව, නව අධ්‍යාපනික නිර්දේශයන් සමග, වාර පරීක්ෂණ විභාග සඳහා සුදානම් කිරිමද මෙම කලායතනය හරහා සිදු කරනු ලබයි.
රාගම, වල්පොල විමලරත්නාරාම පිරිවෙන් විහාරයේ (කඩවත බෞද්ධ මධ්‍යෂ්ථාන විහාරය) පිහිටා ඇති මෙම කලායතනය සඳහා නවක සිසු සිසුවියන් බඳවා ගැනීම මේ වනවිට සිදු කරමින් පවතින අතර, නර්තනයට ඔබ දක්ෂයි නම් එහෙම නැත්නම් ඔබේ දරුවා දක්ෂයෙක් නම් ඔවුන්ගේ දක්ෂතා තව තවත් වර්ධනය කරන්නට මෙම නිලක්ෂි කලායතනයට යොමු කර ඉහළ ප්‍රතිපළ අත්කරගන්න. වැඩි විස්තර සඳහා 078 135 1308 අංකයට අමතන්න.
