වසර දෙකක නිහැඩියාව බිඳදමන බොලිවුඩයේ රජු
2023 වසරේ තිරගත වූ රාජ්කුමාර් හිරුණිගේ ඩන්කි චිත්‍රපටයෙන් පසුව ඉන්දීය සිනමාව තුළ දකින්නට නොලැබුණ ෂාරුක් ඛාන් වසර දෙකක නිහැඩියාව බිඳ දමමින් මේ වසරේදී යළිත් සිය සිනමා රසික පිරිස් මුණ ගැසීමට සූදානමින් සිටියි. ඒ සිද්ධාර්ත් ආනන්ද විසින් අධ්‍යක්ෂණය කළ කිංග් චිත්‍රපටය හරහාය.
ෂාරුක් සමගින් දිපීකා පදුකෝන්, අභිෂේක් බච්චන්, රාණි මුඛර්ජි, අනිල් කපූර්, ජැකි ෂෙරිෆ් හා ෂාරුක්ගේ දියණිය සුහානා ඛාන්ද මෙම කිංග් චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙයි. ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය ඉතා ඉහළ නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කරන ලද්දක්ද වෙයි.
වසර දෙකක නිහඬව සිටි නිසාම සිනමා ප්‍රේක්ෂකයින්ද මහත් උනන්ඳුවෙන් හා නොඉවසිල්ලෙන් කිංග් චිත්‍රපටය එනතුරු බලා සිටින අතර, එය ආදායම් උපයා ගැනීම අතින් ඉහළ සාර්ථකත්වයක් අත්කරගනු ඇතැයි දැනටමත් විචාරකයින් මත පළ කර ඇත.
