මලකි දුවේ නුඹ චිත්‍රපටයේ පරාම්පරා තුනක නියෝජනය
රූකඩ පැංචි චිත්‍රපටය හරහා සිංහල සිනමාවට පා තැබූ කුෂේන්‍යා ෆොන්සේකා මේ දිනවල ප්‍රේක්ෂක ඔබ අතරට පැමිණෙන්නේ කල්පන ආරියවංශ සහ වින්දන ආර්යවංශ අධ්‍යක්ෂණය කළ මලකි දුවේ නුඹ චිත්‍රපටය හරහාය. මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ කුෂේන්‍යා සමගින් මීට මාස කිහිපයකට පෙර වියෝ වූ ඇයගේ ලොකු ආච්චි මාලිනි ෆොන්සේකා මෙන්ම කුෂේන්‍යාගේ ඥාති සහෝදරියක් වූ සමනළි ෆොන්සේකාද මෙහි රංගනයෙන් දායක වී තිබීමය.
ෆොන්සේකා පරාම්පරාවේ පුරුක් ත්‍රිත්වයක් නියෝජනය කරන අතර, ඔවුන් එකම චිත්‍රපටයකින් ප්‍රේක්ෂකයින් හමුවට පැමිණිමද සුවිශේෂිත්වයක් වෙයි. එහෙත්, කුෂේන්‍යා මෑතකදී එක්වූ සාකච්ඡාවකදී පවසා තිබුණේ සිය ලොකු ආච්චි සමගින් මලකි දුවේ නුඹ චිත්‍රපටය නරඹන්නට නොහැකි වීම දැඩි කණගාටුවක් බවය.
මලකි දුවේ නුඹ චිත්‍රපටය අති සාර්ථකව ප්‍රදර්ශනය වන නිසාම මේ වනවිට කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු යොවුන් වියෙහි පසුවන කුෂේන්‍යා කෙරෙහි අවධානය යොමු කර ඇත. එහෙත්, ඇය පවසන්නේ දිගින් දිගටම කලා ක්ෂේත්‍රය තුළ රැඳී සිටිමට තමන් තුළ බලාපොරොත්තුවක් නොමැති අතර, වඩාත් අවධානය තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යොමු කිරීම බව ඇය පවසා තිබේ.
