Mirror Lanka

තලපතිගේ ජාන නායගම් දින නියමයක් නොමැතිව කල් යයි

තලපතිගේ ජාන නායගම් දින නියමයක් නොමැතිව කල් යයි

ජනවාරි අටවැනිදා දකුණු ඉන්දියාවට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය කරන්නට සැළසුම් කර තිබු දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේගේ ජාන නායගම් චිත්‍රපටය මේ වනවිට දින නියමයක් නොමැතිව කල් ගොස් ඇතැයි වාර්තා වෙයි.

නිශ්චිත හේතුවක් නොමැති වුවද විදෙස් රටවල් කිහිපයක මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ඇතිවූ ගැටළු සහගත තත්ත්වයන් නිසාවෙන් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නට කල් ගත කළ බව නිල නොලත් තොරතුරු වාර්තා කර සිටියි.

ජාන නායගම් චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 300ක අත්දැවැන්ත නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කරනු ලැබ තිබුණේ එච්. විනෝත් විසිනි. විජේට අමතරව, පූජා හේඩ්නිග්, බොබි ඩියොල්, මම්තා බිජ්ජූ, ප්‍රකාශ් රාජ්, ප්‍රියාමනි ඇතුළු ජනප්‍රිය නළුනිළියන් රැසක් රංගනයෙන් දායක වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *