තමාගේම වාර්තාව බිඳ දමන්නට ඇවටර් තුන්වැන්නට හැකි වෙයිද?
ලෝ ප්‍රකට සිනමා නිර්මාණකරුවෙකු වන ජේම්ස් කැමරන්ගේ අලුත්ම චිත්‍රපටය ඇවටාර් ෆයර් ඇන්ඩ් අශ් චිත්‍රපටය මේ වනවිට ලොවපුරා අති සාර්ථකව ප්‍රදර්ශනය වන්නකි. පසුගිය වසරේ දෙසැම්බර් 19 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ මෙම චිත්‍රපටය මේ වනවිටත් ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකට ආසන්න මුදලක් සොයා ගැනීමට සමත්ව ඇත.
චිත්‍රපටය ඇවටාර් ෆයර් ඇන්ඩ් අශ් යනු ඇවටාර් චිත්‍රපට මාලාවෙන් තුන්වන චිත්‍රපටය වන අතර, මීට පෙර 2019 වසරේ නිකුත් වූ ඇවටාර් චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක්ද ඉන් පසුව තිරගත වූ ඇවටාර් ද වෙයි ඔෆ් වෝටර් චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3ක මුදලක්ද උපයා ගනු ලැබීය.
සිනමා විචාරකයින් පවසන්නේ දැනට තිරගත වෙන ඇවටර් ෆයර් ඇන්ඩ් අශ් චිත්‍රපටය පහසුවෙන් ඇවටාර් ද වේ ඔෆ් වෝටර් චිත්‍රපටයේ ආදායම ඉක්මවා යනු ඇති බවය. මෙම චිත්‍රපටය පසුගිය වසරේ තිරගත වූ චිත්‍රපට අතරින් ඉහළම ආදායම උපයාගත් චිත්‍රපටයද වීම විශේෂත්වයකි.
