Mirror Lanka

සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කළ ෆාදර් චිත්‍රපටය

සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කළ ෆාදර් චිත්‍රපටය

1970 හා 1990 කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ සිදුවු සත්‍ය සිදුවීමක් පාදක කරගෙන චමින්ද ජයසූරිය අතින් නිර්මාණය වූ ‘ෆාදර්’ සිංහල චිත්‍රපටය මේ වනවිට දේශිය සිනමා ශාලා රැසක අති සාර්ථකව ප්‍රදර්ශනය වෙමින් පවති.

සෞම්‍ය ලියනගේ, දිල්හානි අශෝකමාලා, ජගත් මනුවර්ණ, බීමල් ජයකොඩි, ශ්‍යාම් ප්‍රනාන්ඳු, සරත් කොතලාවල, චාන්දනි සෙනෙවිරත්න, සනත් විමලසිරි, සුරාජ් මාපා, සරත් කරුණාරත්න, අංජන ප්‍රේමරත්න හා සේවියර් කණිෂ්ක මෙහි රංගනයෙහි යෙදෙන අතර, පුංචි තිරේ කාලයක් අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙකු වු පූජන දන්දෙණිය මෙහි විශිෂ්ට රංගනයක නිරත වෙනු දක්නට ලැබේ.

එමිකා ප්‍රඩක්ෂන් ආයතනය වෙනුවෙන් ශාන්ත ගීතදේව විසින් ‘ෆාදර්’ චිත්‍රපටය නිෂ්පාදන කර තිබෙන අතර, චිත්‍රපටයේ තිර කතාව චාමර කොඩිතුවක්කු විසින් ලියා තිබේ. ඉහළ නිෂ්පාදන පිරිවැයක් දරමින් නිර්මාණය කළ මෙම චිත්‍රපටය එවකට සිදුවු සිදුවීම් ඒ අයුරින්ම මෙම චිත්‍රපටය තුළ නිර්මාණය කරන්නට චිත්‍රපට කණ්ඩායම සමත්ව තිබෙනු දක්නට ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *