හරි විදිහට ජපානේට යන්න අනමි තමයි ඔබට හොඳම තැන
උසස් අධ්‍යාපනයට හෝ රැකියාවකට ජපානයට යන්න ඔබත් උනන්ඳුවක් දක්වනවාද. එහෙනම් මෙන්න හරි විදිහට ජපානේට යන්න ඔබට අවස්ථාවක්. ගම්පහ, උඩුගම්පොළ පිහිටි අනමි පාසල හරහා ඔබේ ඒ සිහිනය සැබැ කරගන්න පුළුවන්. ලංකාවේ වගේම ජපානයේද කිර්තිමත් නාමයක් හිමිකරගෙන ඇති සුජිව විජයනායක මෙහි ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරයි.
අනමි ජපන් භාෂා පාසල ගැන අපි මුලින්ම කතා කරමු..
මේක පිහිටලා තියෙන්නේ ගම්පහ උඩුගම්පොළ. මේකෙන් සිද්ධ වෙන්නේ ජපන් භාෂා දැනුම දරුවන්ට ලබා දීලා හරි විදිහට ජපානයට යන්න මාර්ගය සකසලා දෙන එක. දැනට මෙම අධ්‍යාපන ආයතනය හරහා සියයකට අධික පිරිසක් ජපානයට ගිහිල්ලා සිය අධ්‍යාපන කටයුතු හදාරමින් සිටිනවා වගේම අර්ධ හා පුර්ණ රැකියාවලත් ඒ අය නිරත වෙනවා. වැදගත්ම දේ තමා අද ගොඩක් අය විදෙස් අධ්‍යාපනයට හෝ රැකියාවට යද්දි විවිධ වංචාවන්වලට හසුවෙනවා. නමුත්, %අනමි^ ජපන් භාෂා පාසල හරහා සිදුවෙන ක්‍රමවේදයට අනුව නිසා එහෙම දේවල් සිදුවෙන්නේ නැහැ. ඒක අපි සියයට සියයක් වගකිමෙන් කියනවා. ඒ වගේම අපි විසා ලැබෙන තෙක්ම අපි මුදලක් අය කරන්නේ නැහැ. ජපානේට යන්න සියල්ල සුදානම් වුණාට පස්සේ තමා අපි මුදල් ලබාගන්නේ.
පාසල ආරම්භ කරලා දැන් කාලයක් වෙනවද..
ඔව්, මේ ජපන් භාෂා පාසල පටන් අරගත්තේ මගේ මතකයේ හැටියට කොවිඩ් වසංගත තත්ත්වය නිමා වීමත් සමග. ඒ කියන්නේ වසර හතරක් වගේ කාලයකට පෙර. මම දැන් ජපානේට ඇවිල්ලා ලබන මාර්තු මාසයට වසර විස්සක කාලයක් වෙනවා. මම මේ කාලය ඇතුළත දැකලා තියෙනවා හරි විදිහට ජපානේට ආපු ශ්‍රී ලාංකීකයෝ වගේම විවිධ ක්‍රම ඔස්සේ ජපානේට ඇවිල්ලා ප්‍රශ්නවලට මුහුණ දෙන අය විශාල පිරිසක්. මම ජපානයේ පොලිස් දෙපාර්තුමේන්තුවේ නිලලත් භාෂා පරිවර්තකයෙක් විදිහට වැඩ කරනවා. ගොඩක් වෙලාවට මට පොලිසියේදී එහෙමත් නැත්නම් උසාවියේදී මුණ ගැහෙනවා ජපානේට ඇවිල්ලා විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන අය. ඒ අයත් එක්ක කතා කරන විට තේරුම් යන්නේ බහුතරයක් ජපානේට ඇවිල්ලා තියෙන්නේ හරි ක්‍රමයට නෙමෙයි. ගොඩක්ම ඒ අය මෙහෙට ගෙනැල්ලා තියෙන්නේ බොරු කියලා මවාපාපු ලෝකයක් පෙන්වලා. ඒ වගේම ඒ ගේන අය අධික මුදලක් ඔවුන්ගෙන් අය කරගෙන. ගොඩක් අය ජපානේට ඇවිල්ලා තියෙන්නේ එක්කෝ ණයක් අරගෙන, නැත්නම් නිවසක් ඉඩමක් විකුණලා. අනිත් කාරණය තමා මේ අයට ජපන් භාෂාව ගැන දැනුමක් නැතිවීම. හැබැයි අපේ ආයතනය හරහා කෙරෙන්නේ මුලින්ම ජපන් භාෂා දැනුම ලබාදෙන එක. ඊට පස්සේ තමා ඒ අයව ජපානේට ගෙන්න ගන්නේ. ජපානේට යන්න ඕනා ඒ ගැන මුලික දැනුමක් අවබෝධයක් ලබාගෙන. නැත්නම් අනිවාර්යයෙන්ම ජපානේට ආපු ගමන් අතරමං වෙනවා.
මේ පාසල හරහා දැනට කොපමණ ප්‍රමාණයක් ජපානේට ගිහිල්ලා තියෙනවාද..
සිවුවසරක කාලයක් තුළ අනමි භාෂා පාසල හරහා ජපානේට සිසු දරුවන් 107 දෙනෙකු ගිහිල්ලා තියෙනවා. මේ ගිය හැමෝම අද වෙන කොට ජපන් භාෂා පාසල්වල මුලීක අධ්‍යාපනය ලබනවා. සමහර අය ජපාන විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය ලබනවා. ඒ අතරම පුර්ණ හා අර්ධ කාලීනව රැකියාවලත් මේ අය නිරත වෙනවා. ඒ වගේම ජපානේට එන සිසු දරුවෝ මෙහි ස්ථාවර වෙලා තමන්ගේ සහකරුවෝ සහකාරියෝ මෙන්ම පවුලේ අයත් ජපානේට අරගෙන තියෙනවා. දැනටමත් අනමි ජපන් භාෂා පාසල හරහා විශාල පිරිසක් ජපන් භාෂාව හදරමින් සිටිනවා. මම හිතන විදිහට තවත් පිරිසක් ඉදිරියේදී ජපානේට යන්න සුදානමින් ඉන්නවා.
ගම්පහ උඩුගම්පොළ තියෙන මේ පාසලට ඇතුලත් වෙන්න කොහොමද..
අනමි ජපන් භාෂා පාසලේ පන්ති දෙවර්ගයක් තියෙනවා. එකක් තමයි මේ පන්තියට ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක මාස පහක කාලයක් පැවැත්වෙනවා. අනිත් ක්‍රමය තමයි මේ පන්තියට විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සේ සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඔන්ලයින් පන්තිය සතියට දෙවරක් පැවැත්වෙනවා. ඒ සිකුරාදා හා සෙනසුරාදා දින. ඊට අමතරව උඩුගම්පොළ පිහිටි අපේ ආයතනය තුළ පැවැත්වෙන පන්තිය සෑම ඉරිදා දිනකම උදෑසන 8.30 ඉඳලා දහවල් 1.00 දක්වා පැවැත්වෙනවා. ඕනෑම පන්තියකට ඔබ සම්බන්ධ වෙන්න පුළුවන් වගේම ඉක්මණින්ම ජපන් භාෂා දැනුම ලබාගන්න අතවශ්‍ය නම් ඒ පන්ති දෙකටම සහභාගි වෙන්නත් පුළුවන්. මුලින්ම අපි කරන්නේ ජපන් භාෂා දැනුම ලබා දෙන එක. ඊට පස්සේ අපි ඒ රටවල කරන සම්මුඛ පරික්ෂණයට මුහුණ දෙන ආකාරය පිළිබඳව උගන්වනවා. මමත් ඒ පරික්ෂණවලට සහභාගි වෙන නිසා මම දන්නවා සම්මුඛ පරික්ෂණය සිදුවෙන ආකාරය. ඊට පස්සේ ජපානය ගැන එහි සංස්කෘතිය, නීති ගැන පුළුල් පැහැදිලි කිරීමක් කරනවා. එතකොට ජපානේට ඕනෑම කෙනෙකුට මෙහේ ජීවිතේ ගැන බයක් සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. ඔබටත් මේ සඳහා සම්බන්ධ වෙන්න කැමැත්තක් තියෙනවා නම් +818039445160 කියන වට්සැප් අංකයට කතා කරලා තොරතුරු විමසන්න පුළුවන්.
අධ්‍යාපන කටයුතු සඳහා දරුවෝ විතරද ජපානේට යවන්නේ. රැකියා සඳහා පිරිස් යොමු කරන්නේ නැද්ද?
අනමි ජපන් භාෂා පාසලෙන් අපි ප්‍රධාන වශයෙන් කරන්නේ උසස් අධ්‍යාපනයට දරුවෝ ජපානේට යවන එක. ඒ වගේම ගාල්ලේ පිහිටි අපේ ශින්බශි ලංකා පුද්ගලික සමාගම හරහා නිත්‍යාණුකූල ක්‍රමවේදයකට අනුව SSW Visa යටතේ රැකියා සඳහා පිරිස් ජපානේට යවනවා. ජපානේට යන්න හීන දකින තරුණ ඔබට පුළුවන් ගාල්ලේ ශින්බශි ලංකා පුද්ගලික ආයතනය හරහා සම්බන්ධ වෙලා හරි විදිහට ජපානේට යන්න. දැනට අපි රැකියා සඳහා ජපානේට මේ ආයතන හරහාත් සියයකට වඩා පිරිසක් යවලා තියෙනවා. මේ පිළිබඳව වැඩි විස්තර 0775 400 656 හෝ 0707 556 555 අංක හරහා ආයතනයේ කළමණකාර අධ්‍යක්ෂක සචිත් ලියනගේ මහතාගෙන් විමසන්න පුළුවන්. %අනමි^ ජපන් භාෂා පාසලේ නිර්මාතෘ වගේම මම මේ ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට කටයුතු කරනවා.
ගොඩක් තැන්වලදී විදෙස්ගත වෙන අයට සිදුවෙන්නේ අසාධාරණය..
ඔව්, මම හිතන්නේ ඊට හේතුව හරි ක්‍රමයට පිටරට යන්නේ නැති නිසා. නමුත්, අපේ ආයතනය තුළ ඉතා හොඳ ක්‍රමවේදයකට තමයි අපි ජපානේට ලාංකීකයන් යවන්නේ. අනිත් කාරණය තමයි සුජිව විජයනායක කියන්නේ ලංකාවේ වගේම ජපානයේ හොඳ නමක් දිනාගත්තු කිර්තිමත් පුද්ගලයෙක්. බේස්බෝල් කියන්නේ ජපානයේ ජනප්‍රියතම ක්‍රීඩාවක්. ඉතින් ජපානයේ එම ක්‍රීඩාවේ විනිසුරුවරයෙක් විදිහට කටයුතු කරන ජපන් ජාතික නොවන එකම පුද්ගලයා මම. ඒ වගේම මම බේස්බෝල් ක්‍රීඩාව තුළ විනිසුරුවරයෙක් විදිහට ජපාන් බේස්බෝල් ඉතිහාසයේ වෙනස් කරපු කෙනෙක්. මා සතුව වාර්තා රැසක් බේස්බෝල් ක්‍රීඩාව තුළ තියෙනවා ඒ හරහා මගේ නම ජපානය තුළ ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් මම කවමදාවත් මගේ නමට කැළලක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම මම මේ ක්‍රියාත්මක කරන අනමි පාසලට නරක නාමයක් ඇති කරන්නෙත් නැහැ. ඒ නිසා ඉතාම විශ්වාසනීය විදිහට හරි ක්‍රමවේදයකට අනුව අපේ ආයතනය හරහා ලාංකීකයන් යවන්නේ. ඒ වගේම අනමි ජපන් භාෂා පාසල හරහා ජපානේට එන හැම කෙනාම ඉතා ආරක්ෂිතව ආදරණිය අපි බලාගන්නවා. ජපානේට එන ගුවන් තොටුපොලේ ඉදලා ඔවුන්ගේ නේවාසික ස්ථාන දක්වා අපි පුර්ණ අධීක්ෂණය යටතේ ගෙනියනවා. ඒ වගේම අධ්‍යාපනය ලබන පාසල්, විශ්වවිද්‍යාල වගේම පුහුණු පාසල්වලට අපි නිතරම වගේ ගිහින් හොයලා බලනවා. රැකියා කරන ස්ථානවල පවා අපි නිතරම විමසිලිමත්ව සිටිනවා. ඒ නිසා අපි වගකීමෙන් මේ කර්තව්‍යය සිදු කරනවා කියලා කියන්න පුළුවන්.
